ඔබ බාවිතා කරන්නේ Windows 8 Evaluation copy එකක් නම් ඔබ දන්නවා එය වලංගු වන්නේ දින 90 ක් පමණයි යන කාරණය. දින 90 කින් පසුව ඔබට සිදු වෙනවා Windows 8 මිලදී ගන්නට. එසේ නැතිනම් නැවත වතාවක් මුල ඉදලා OS එක පරිගණකයේ install කරන්න සිදු වෙනවා. නමුත් ඔබ නොදන්නවා උනාට ඔබට පුළුවන් මේ trial period එක තවත් දින 90 කින් වැඩි කරගන්නට. ඒ අයුරින් තුන් වතාවක් ඔබට පුළුවන් ඔබේ trial period එක extend කරගන්න. ඒ කියන්නේ සම්පුර්ණ අවුරුද්දක කාලයක් ඔබට පුළුවන්කම තිබෙනවා කිසිම ගැටළුවක් නැතිව windows 8 බාවිතා කරන්න.
How to Extend Windows 8 Trial Period
- Windows 8 Desktop එකේ වම් පස පහල කෙලවරට ඔබේ mouse pointer එක රැගෙනවිත් Right-Click කර, එවිට ලැබෙන menu එකෙන් “Command Prompt (Admin)” යන්න තෝරන්න. එවිට command prompt එක Admin mode එකෙන් open වෙනවා.
- පහල තිබෙන command එක command prompt එකේ type කර යතුරුපුවරුවේ enter key එක ඔබන්න.
slmgr /rearm
- මීලගට ඔබට ලැබෙන pop-up window එකෙන් ඔබෙන් අසාවි පරිගණකය restart කරන්නද කියා, ඔවු දැන් ඔබ ඔබේ පරිගණකය restart කල යුතුයි.
දැන් ඔබ සාර්ථකව තවත් දින 90 ක් සදහා ඔබේ windows 8 trial period එක extend කරගෙන ඉවරයි. ඉතින් මම මුලින්ම කියුව විදියට ඔබට පුළුවන් ඉහත ඔබ අනුගමනය කල පියවරයන් අනුව තව දෙපාරක් (ඔක්කොම තෙවරක්) මේ අයුරින් trial period එක extend කරගන්න. ඔබ එලෙස extend කරගන්නා දින 270 හා ඔබේ පළමු trial period එකේ දින 90 ත් එකතු උනහම සම්පුර්ණ අවුරුද්දක් ඔබට පුළුවන් windows 8 කිසි ගැටළුවක් නොමැතිව බාවිතා කරන්න.
එහෙමනම් ඉතින් මේ සම්බන්දයෙන් ඔබේ අදහස් කමෙන්ට් කරන්න. ඔබට සුබ දවසක් !
No comments:
Post a Comment