DNS යනු කුමක්ද? - 1
මේ දවස් වල අලුත් වයිරස් එකක් ඇවිල්ලා කියලා හැමෝම දන්නවනෙ? DNS සෙටින්ග්ස් වෙනස් කරන එකක්, ඔන්න ඕක ඇහුවාම මට හිතුනා මේ DNS ගැන අපේ කට්ටියට අවබෝධයක් ලබා දෙන්න ඕනෙ කියලා. අන්න ඒ හින්දා මම මේ ලිපිය ලියනවා
අද ලෝකයේ බොහෝ තාක්ෂනයන් බිහිවී ඇත්තේ අප අවට ඇති සරල උදාහරණ ලබාගෙනය. එම නයාය DNS ක්රමයටද එසේමය.මන්දයත් DNS ලෙස අපි හදුනාගෙන ඇති යන්ත්රය උපයෝගී කරගෙන ඇත්තේ දුරකතන නාමාවලියයි.ඔබ අප සියලුදෙනාම දැක ඇති මෙම නාමාවලිය දළ වශයෙක් කිවහොත් ප්රධාන අංග 2කින් සමන්විත වේ. එනම් ග්රාහකයාගේ නම සහ අංකය ලෙසය. අපි සරල උදාහරණයක් බලමු, ඔබට යම් කෙනෙකුගේ දුරකතන අංකයක් සොයා ගැනීමට උවමනා වූ විට ඔබ එය දන්නේ නැත්තම් කරන්නේ කුමක්ද? ඔබ සොයන පුද්ගලයාගේ නම සෙවීමයි. ඔබ ඔහුට අදාල නම සොයාගත් විගසම ඊට ඉදිරි පසින් ඇති අංකය ඔබ සොයන පුද්ගලයාගේ අංකය වේ. DNS හි දී සිදු වන්නේද එයමය. ඔබට උවමනා කරන පරිගණකයට අදාල IP Adress එක DNS Server එක මගින් ලබා දෙයි.මෙහි ඊලග ලිපියෙන් අපි DNS ක්රියාත්මක වන ආකාරය සලකා බලමු.
No comments:
Post a Comment