සැම්සුන් සමාගමද පසුගිය වසරේ ප්‍රකාශ කර සිටියේ 2012 වසර අවසාන වන විට මේ නව RAM වර්ගය වෙළඳපොලට නිකුත් කරන බවයි. දැන් DDR4 බලාපොරොත්තුව තවත් අළුත් කරවමින් සුප්‍රසිද්ධ RAM නිෂ්පාදක සමාගමක් වන මයික්‍රොන් (Micron) සමාගම විසින් ප්‍රකාශ කර ඇත්තේ මෙම වසර අවසානය වන විට සිය DDR4 මතක පත් වෙළඳපොලට නිකුත් කිරීමට සියල්ල සූදානම් බවයි. ඒ අනුව එළෙඹෙන 2013 වසරDDR4 හි ආරම්භය සනිටුහන් කරන වර්ෂය වනු ඇත.
30nm තාක්ෂණය මත පදනම්ව නිර්මාණය වී ඇති මේ නව DDR4 මොඩියුලය නොයෙකුත් පරිගණක උපාංග සඳහා ගැලපෙන පරිදි RDIMMs, LRDIMMs, 3DS, SODIMMs හා UDIMM යන මාදිලි රැසකින් නිෂ්පාදනය වනු ඇති. තත්පරයට මෙගාබිට් 2400 ක් (2400 Mbits) තරම් වූ දැවැන්ත දත්ත සම්ප්‍රේෂණ වේගයකින් යුත් මෙහි වේගය ඉදිරියේදී 3200 Mbits දක්වා වැඩි දියුණූ කිරීමට මයික්‍රොන් සමාගම බලාපොරොත්තු වේ. DDR3 හි භාවිතා වූ 1.5v විදුලි අගය වෙනුවටDDR4 හිදී භාවිතා වනු ඇත්තේ 1.2v තරමේ අඩු විදුලියකි. මෙමගින් පරිගණක උපාංගයන්හි විදුලි පරිභෝජනය අඩු කිරීමට උත්සාහ ගෙන තිබේ.

DDR4 මතක පත් ඔබගේ ඩෙස්ක්ටොප් පරිගණකය වෙත එකතු වීමට නම් තරමක කාලයක් ගතවනු ඇති බව පෙනේ. පළමුව ව්‍යාපාරික ආයතන වෙතටත්, පසුව අල්ට්‍රාබුක් හා ටැබ්ලට් වැනි ජංගම උපාංග සඳහාත් DDR4 RAM නිකුත් කෙරෙනු ඇත. ඉන් අනතුරුව ඩෙස්ක්ටොප් පරිගණක මවුපුවරු සඳහා උචිත DDR4 මතක පත් නිකුත් කෙරේ. කෙසේ වුවත් පරිගණක පද්ධති මතකයේ අනාගත හිමිකරුවා සිය දොරට වැඩුම සඳහා පෙරමග බලා සිටින බව පැහැදිලි කාරණාවකි...
No comments:
Post a Comment